මහ සභා රැස්වීම් වාර්තාව 2017-11-30

බු.ව.2561ක් වූ ඉල් මස 30වන බ්‍රහස්පතින්දා (2017.11.30) පෙ.ව.10.00ට පමණ සුභ මොහොතින් ආරම්භ වූ එච් කලාපීය අන්‍යෝන්‍යාධාර සහ සුභ සාධක සංගමයේ මහ සභා රැස්වීම් වාර්තාවයි මේ......

කලක් මහවැලි කලාපය තුළ පවත්වන්නට යෙදුණු සුභසාධක සංගම් අතර දිදුලන සුභ සාධක සංගමයක් ලෙස මහවැලි එච් කලාපයේ සුභ සාධක සංගමය ක්‍රමවත්ව පැවති අතර කාලයක් සමඟ එහි යෝධ හස්ත බවට පත්ව තිබුණු නිලධාරි මඩුල්ල සේවා ස්ථන මාරු වීම් ලැබ වෙනත් කලාපවලට යාමත්, සේවයෙන් විශ්‍රාම යාමත් වැනි කාරණා මත සංගමයෙහි ක්‍රියාකාරිත්වය යටපත්ව දැඩි නිහඬතාවක ගිලී තිබීම හේතුවෙන් නැවත නව ජවයකින් කලාපීය සහෝදර සේවක මහත්ම මහත්මීන්ගේ සුභ සාධනය වෙනුවෙන් පෙනී සිටීම මූලික අරමුණ කරගනිමින් පවත්වන්නට යෙදුණූ මහා සභා රුස්වීමෙහි නිත්‍ය අනුශාසක තුමන් වන නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමන් එදින හදිසි රාජකාරි කටයුත්තක් හේතුවෙන් කලාපයෙන් බැහැරව සිටි බැවින් නි.නේවාසික ව්‍යාපාර කළමනාකාර (පාලන) ගේ අනුශාසකත්වයෙන් එදින රැස්වීම ආරම්භ කරන්නට යෙදුනි.

පළමුව සියලුදෙනා එක්ව ආගම සිහි කිරීම හා ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් මෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නාමය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, දැනුම කැපකර අප අතරින් වෙන් වූ සේවක මහත්ම මහත්මීන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. නි.නේවාසික ව්‍යාපාර කළමනාකාර (පාලන) විසින් සුභ සාධක සංගමය දැනට පවතින තත්වය පැහැදිලි කරන ලද අතර අලුතින් නිලධාරි මඩුල්ලක් පත් කළයුතු බව දන්වන ලදී.

අනතුරුව එතුමන් විසින්ම ගරු සභාපති වශයෙන් ආයතන සංවර්ධන නිලධාරි -  එච්.එම්.ඒ.හේරත් මහතා ද, ලේකම් වශයෙන් කළමනාකරණ සහකාර - ඒ.ජී.සී.එස්.අලුත් වත්ත මහතා ද, භාණ්ඩාගාරික වශයෙන් පාලන සහකාර - එච්.ඩී.කාන්ති ස්වර්ණලතා මිය ද, සුදුසු බව යෝජනා කළ අතර එය ගාමිණී සරත් කුමාර මහතා ස්ථිර කරන ලදී. ඒ සඳහා විරුද්ධත්වයක් හෝ  වෙනත් නම් යෝජනා නොවූ හෙයින් එම තනතුරු සඳහා එම අයම පත් කර ගැනීම සභාවේ ඒකමතික තීරණය විය.

අනතුරුව උප සභාපති වශයෙන් එස්.පී.එස්.ගුණතිලක මහතා සුදුසු බව අනුෂ්කා ජයරත්න මිය විසින් යෝජනා කළ අතර ඒ.එස්.පියසමර මිය විසින් ස්ථිර කරන ලදී. නමුත් සුසන්ත මහතා එම තනතුර භාරගැනිමට නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උප සභාපති ලෙස අනුෂ්කා ජයරත්න මිය සුදුසු බව ශීලා මුණසිංහ මිය යෝජනා කළ අතර ඒ.පී.අරුමප්පෙරුම මහත්මිය විසින් ස්ථිර කරන ලදී.

උපලේකම් වශයෙන් ජී.ඒ.ඒ.එස්.ගල්ගමුව මහතා සුදුසු යැයි සිසිර ප්‍රේමතිලක මහතා යෝජනා කල අතර රංජිත් සිරිවර්ධන මහතා විසින් ස්ථිර කරන ලදී.

ඊට අමතරව කාරක සභාව කලාපයේ සත් කොට්ඨාස සහ අංශ නියොජනය වන පරිදි පහත නම් සඳහන් අය යොජනා වූ අතර එම අය සියලුදෙනාගේ කැමැත්තෙන් ඒකමතිකව ස්ථිර විය.

පාලන අංශය         -  බී.ආර්.ජේ.අබේසූරිය මයා (කළමනාකරණ සහකාර)
ගිණුම් අංශය         -  එස්.එම්.ඩී.පී.සාමසුන්දර මිය.(කළමනාකරණ සහකාර)
තාක්ෂණ අංශය    -   එල්.ඒ.පෙරේරා මයා.(ඉංජිනේරු සහකාර)
සංවර්ධන අංශය   -   රංජිත් සිරිවර්ධන මයා.(කළමනාකරණ සහකාර)
කෘෂි අංශය           -   එස්.පී.එස්.ගුණතිලක මයා(ශෂ්‍ය විද්‍යාඥ)
ඉඩම් අංශය          -   මහේෂ් විජේතුංග මයා.(කළමනාකරණ සහකාර)
ප්‍රවාහන අංශය      -   එච්.එම්.ගාමිණි සරත් කුමාර මයා.(ප්‍රවාහන නිලධාරි)
තඹුත්තේගම කොට්ඨාසය      -  ලක්ෂ්මන් ජෝතිපාල මයා (ක්ෂේත්‍ර සහකාර)
ගල්නෑව කොට්ඨාසය             -  කේ.යූ.යූ.පී.පියතිලක මයා.(ආයතන සංවර්ධන නිලධාරි)
එප්පාවල කොට්ඨාසය            - එච්.එස්.ඩබ්.කුමාරද සේරම් මයා.(කළමනාකරණ සහකාර)
මීගලෑව කොට්ඨාසය              - ඩී.ජී.උපුල් ප්‍රේමරත්න මයා. (ආයතන සංවර්ධන නිලධාරි)
නොච්චියාගම කොට්ඨාසය     - එච්.බී.කීර්තිරත්න මයා. (කළමනාකරණ සහකාර)
මහඉලුප්පල්ලම කොට්ඨාසය  - ඒ.එම්.එන්.ආරියසිංහ මයා.(ඒකක කළමනාකාර)
තලාව කොට්ඨාසය                 - එච්.ඒ.ඩී.සම්පත් කුමාර (ඒකක කළමනාකාර)

අක්‍රීයව ඇති පුස්තකාලය නැවත පිහිටුවීම සඳහා පුස්තකාලාධිපති වරයෙකු පත්කර ගතයුතු බැවින් ඒ සඳහා සංදලි බණ්ඩාර මහත්මිය සුදුසු බව නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර(පාලන) - එන්.විජේසේකර මහතා යෝජනා කළ අතර ආර්.එම්.කුසුමලතා මිය විසින් එය ස්ථිර කරන ලදී.

ඉන්පසු සංගමයේ නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය එළඹිණි.

අතපසු වී ඇති 2015 වර්ෂයේ සිට 2017.12.31 දින දක්වා විශ්‍රාම ගිය හා විශ්‍රාම යාමට නියමිත සියලුදෙනා කැඳවා සිහිවටනයක් ලබාදීම.

වර්ෂ අවසාන සුහද හමුවක් පැවැත්වීම හා සියලු සාමාජිකයින්ට සිහිවටනයක් ලබාදීම හා විශ්‍රාම ගැන්වූ අය එදිනටකැඳවීම.

සෑම මසකම දෙවෙනි සතියේ බ්‍රහස්පතින්දා දින පෙ.ව.10.00 ට කාරක සභාව රැස්කල යුතු බව දන්වන ලදී.

පුස්තකාලය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බව දැන්වූ අතර ඒ සඳහා රු: 25000/- ක මුදලක් ලැබී ඇති බැවින් අළුතින් පොත් ගැනීමටත්, තම කැමැත්ත පරිදි ඕනෑම අයෙකුට පොතක් හෝ වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම කළහැකි බව යෝජනා විය.
                                            
මරණ පාරිතෝෂිකය රු: 20,000/- (පවුලේ සාමාජිකයින් සඳහා - මව,පියා,නැන්දා,මාමා,කලත්‍රයා,අවිවාහක දරුවන්,අවිවාහක සාමාජිකයෙක් නම් මව,පියා, අවිවාහක සහෝදර සහෝදරියන්) මෙහිදී සාමාජිකයා මියගියහොත් දිනක වැටුප ලබාදීම සුදුසු බව සුනිල් පෙරේරා මහතා යෝජනා කළ අතර වික්‍රමසිංහ මහතා විසින් ස්ථිර කරන ලදී.

සුභ සාධක සංගමය රු: 100/- ක් හා මරණාධාර සමිතියට රු:100/- ක් තවදුරටත් අයකිරීමට තීරණය කරන ලදී.

මෙදිනට අප සමිතියේ බැංකු ගිණුමෙහි තැන්පත් මුදල පහත පරිදි වන බව හිටපු භාණ්ඩාගාරික සිසිර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

සුභ සාධක ගිණූම 10/31 දිනට              =          රු: 50,7006.25
මරණාධාර ගිණුම                                 =          රු: 10,4006.30

තවද බැංකු පොත්වලට අමතරව පොත්පත් කිසිවක් භාණ්ඩාගාරික තුමා විසින් භාරදී නොමැති බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ දක්වා සංගමයේ කටයුතු කරගෙන යාම සඳහා සිසිර ප්‍රේමතිලක මහතා දැක්වූ සහයෝගයට නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර(පාලන) විසින් විශේෂ ස්තුතියක් පිරිනැමූ අතර, සංගමයේ නිලධාරි මණ්ඩලය මෙන්ම සෑම සාමාජික මහත්ම මහත්මියකගේම සහයෝගය මත කටයුතු කිරීමෙන් යෝජනා කරන ලද ක්‍රියාවන්ගේ සාර්ථක අවසානයක් දැක සියලු දෙනාට සතුටුවිය හැකි බව ද එතුමන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මීට අමතරව සෑම මසකම දෙවෙනි සතියේ බ්‍රහස්පතින්දා දින පෙ.ව. 10.00 ට කාරක සභාව පැවැත්වීමටත්, මාස තුනකට වතාවක් මහා සභාව රැස්කිරීමත් සුදුසු බව සාකච්ඡා විය.

එමෙන්ම අද දින රුස්වීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දුන් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර(පාලන) ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් ගරු සභාපති තුමන්ගේ කතාවේ අවසානයත් සමඟ සභා තොමෝ සතුටින් විසිර ගියහ.