Welcome to Mahaweli Welfare Association - System "H"

Office of the Resident Project Manager - System "H" Thambuttegama

Avukana Buddha Statue

The Avukana statue is a standing statue of the Buddha near Kekirawa in North Central Sri Lanka. The statue, which has a height of more than 40 feet, was carved out of a large granite rock face during the 5th century.

Kala Wewa

Kala Wewa, built by the King Datusena in 307 B.C, is a twin reservoir complex which has a capacity of 123 million cubic meters. This reservoir complex has facilitated with a stone made spillway and three main sluices.

මහ සභා රැස්වීම් වාර්තාව 2017-11-30

බු.ව.2561ක් වූ ඉල් මස 30වන බ්‍රහස්පතින්දා (2017.11.30) පෙ.ව.10.00ට පමණ සුභ මොහොතින් ආරම්භ වූ එච් කලාපීය අන්‍යෝන්‍යාධාර සහ සුභ සාධක සංගමයේ මහ සභා රැස්වීම් වාර්තාවයි මේ......

කලක් මහවැලි කලාපය තුළ පවත්වන්නට යෙදුණු සුභසාධක සංගම් අතර දිදුලන සුභ සාධක සංගමයක් ලෙස මහවැලි එච් කලාපයේ සුභ සාධක සංගමය ක්‍රමවත්ව පැවති අතර කාලයක් සමඟ එහි යෝධ හස්ත බවට පත්ව තිබුණු නිලධාරි මඩුල්ල සේවා ස්ථන මාරු වීම් ලැබ වෙනත් කලාපවලට යාමත්, සේවයෙන් විශ්‍රාම යාමත් වැනි කාරණා මත සංගමයෙහි ක්‍රියාකාරිත්වය යටපත්ව දැඩි නිහඬතාවක ගිලී තිබීම හේතුවෙන් නැවත නව ජවයකින් කලාපීය සහෝදර සේවක මහත්ම මහත්මීන්ගේ සුභ සාධනය වෙනුවෙන් පෙනී සිටීම මූලික අරමුණ කරගනිමින් පවත්වන්නට යෙදුණූ මහා සභා රුස්වීමෙහි නිත්‍ය අනුශාසක තුමන් වන නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමන් එදින හදිසි රාජකාරි කටයුත්තක් හේතුවෙන් කලාපයෙන් බැහැරව සිටි බැවින් නි.නේවාසික ව්‍යාපාර කළමනාකාර (පාලන) ගේ අනුශාසකත්වයෙන් එදින රැස්වීම ආරම්භ කරන්නට යෙදුනි.

පළමුව සියලුදෙනා එක්ව ආගම සිහි කිරීම හා ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් මෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නාමය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, දැනුම කැපකර අප අතරින් වෙන් වූ සේවක මහත්ම මහත්මීන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. නි.නේවාසික ව්‍යාපාර කළමනාකාර (පාලන) විසින් සුභ සාධක සංගමය දැනට පවතින තත්වය පැහැදිලි කරන ලද අතර අලුතින් නිලධාරි මඩුල්ලක් පත් කළයුතු බව දන්වන ලදී.

අනතුරුව එතුමන් විසින්ම ගරු සභාපති වශයෙන් ආයතන සංවර්ධන නිලධාරි -  එච්.එම්.ඒ.හේරත් මහතා ද, ලේකම් වශයෙන් කළමනාකරණ සහකාර - ඒ.ජී.සී.එස්.අලුත් වත්ත මහතා ද, භාණ්ඩාගාරික වශයෙන් පාලන සහකාර - එච්.ඩී.කාන්ති ස්වර්ණලතා මිය ද, සුදුසු බව යෝජනා කළ අතර එය ගාමිණී සරත් කුමාර මහතා ස්ථිර කරන ලදී. ඒ සඳහා විරුද්ධත්වයක් හෝ  වෙනත් නම් යෝජනා නොවූ හෙයින් එම තනතුරු සඳහා එම අයම පත් කර ගැනීම සභාවේ ඒකමතික තීරණය විය.

අනතුරුව උප සභාපති වශයෙන් එස්.පී.එස්.ගුණතිලක මහතා සුදුසු බව අනුෂ්කා ජයරත්න මිය විසින් යෝජනා කළ අතර ඒ.එස්.පියසමර මිය විසින් ස්ථිර කරන ලදී. නමුත් සුසන්ත මහතා එම තනතුර භාරගැනිමට නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උප සභාපති ලෙස අනුෂ්කා ජයරත්න මිය සුදුසු බව ශීලා මුණසිංහ මිය යෝජනා කළ අතර ඒ.පී.අරුමප්පෙරුම මහත්මිය විසින් ස්ථිර කරන ලදී.

උපලේකම් වශයෙන් ජී.ඒ.ඒ.එස්.ගල්ගමුව මහතා සුදුසු යැයි සිසිර ප්‍රේමතිලක මහතා යෝජනා කල අතර රංජිත් සිරිවර්ධන මහතා විසින් ස්ථිර කරන ලදී.

ඊට අමතරව කාරක සභාව කලාපයේ සත් කොට්ඨාස සහ අංශ නියොජනය වන පරිදි පහත නම් සඳහන් අය යොජනා වූ අතර එම අය සියලුදෙනාගේ කැමැත්තෙන් ඒකමතිකව ස්ථිර විය.

පාලන අංශය         -  බී.ආර්.ජේ.අබේසූරිය මයා (කළමනාකරණ සහකාර)
ගිණුම් අංශය         -  එස්.එම්.ඩී.පී.සාමසුන්දර මිය.(කළමනාකරණ සහකාර)
තාක්ෂණ අංශය    -   එල්.ඒ.පෙරේරා මයා.(ඉංජිනේරු සහකාර)
සංවර්ධන අංශය   -   රංජිත් සිරිවර්ධන මයා.(කළමනාකරණ සහකාර)
කෘෂි අංශය           -   එස්.පී.එස්.ගුණතිලක මයා(ශෂ්‍ය විද්‍යාඥ)
ඉඩම් අංශය          -   මහේෂ් විජේතුංග මයා.(කළමනාකරණ සහකාර)
ප්‍රවාහන අංශය      -   එච්.එම්.ගාමිණි සරත් කුමාර මයා.(ප්‍රවාහන නිලධාරි)
තඹුත්තේගම කොට්ඨාසය      -  ලක්ෂ්මන් ජෝතිපාල මයා (ක්ෂේත්‍ර සහකාර)
ගල්නෑව කොට්ඨාසය             -  කේ.යූ.යූ.පී.පියතිලක මයා.(ආයතන සංවර්ධන නිලධාරි)
එප්පාවල කොට්ඨාසය            - එච්.එස්.ඩබ්.කුමාරද සේරම් මයා.(කළමනාකරණ සහකාර)
මීගලෑව කොට්ඨාසය              - ඩී.ජී.උපුල් ප්‍රේමරත්න මයා. (ආයතන සංවර්ධන නිලධාරි)
නොච්චියාගම කොට්ඨාසය     - එච්.බී.කීර්තිරත්න මයා. (කළමනාකරණ සහකාර)
මහඉලුප්පල්ලම කොට්ඨාසය  - ඒ.එම්.එන්.ආරියසිංහ මයා.(ඒකක කළමනාකාර)
තලාව කොට්ඨාසය                 - එච්.ඒ.ඩී.සම්පත් කුමාර (ඒකක කළමනාකාර)

අක්‍රීයව ඇති පුස්තකාලය නැවත පිහිටුවීම සඳහා පුස්තකාලාධිපති වරයෙකු පත්කර ගතයුතු බැවින් ඒ සඳහා සංදලි බණ්ඩාර මහත්මිය සුදුසු බව නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර(පාලන) - එන්.විජේසේකර මහතා යෝජනා කළ අතර ආර්.එම්.කුසුමලතා මිය විසින් එය ස්ථිර කරන ලදී.

ඉන්පසු සංගමයේ නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය එළඹිණි.

අතපසු වී ඇති 2015 වර්ෂයේ සිට 2017.12.31 දින දක්වා විශ්‍රාම ගිය හා විශ්‍රාම යාමට නියමිත සියලුදෙනා කැඳවා සිහිවටනයක් ලබාදීම.

වර්ෂ අවසාන සුහද හමුවක් පැවැත්වීම හා සියලු සාමාජිකයින්ට සිහිවටනයක් ලබාදීම හා විශ්‍රාම ගැන්වූ අය එදිනටකැඳවීම.

සෑම මසකම දෙවෙනි සතියේ බ්‍රහස්පතින්දා දින පෙ.ව.10.00 ට කාරක සභාව රැස්කල යුතු බව දන්වන ලදී.

පුස්තකාලය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බව දැන්වූ අතර ඒ සඳහා රු: 25000/- ක මුදලක් ලැබී ඇති බැවින් අළුතින් පොත් ගැනීමටත්, තම කැමැත්ත පරිදි ඕනෑම අයෙකුට පොතක් හෝ වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම කළහැකි බව යෝජනා විය.
                                            
මරණ පාරිතෝෂිකය රු: 20,000/- (පවුලේ සාමාජිකයින් සඳහා - මව,පියා,නැන්දා,මාමා,කලත්‍රයා,අවිවාහක දරුවන්,අවිවාහක සාමාජිකයෙක් නම් මව,පියා, අවිවාහක සහෝදර සහෝදරියන්) මෙහිදී සාමාජිකයා මියගියහොත් දිනක වැටුප ලබාදීම සුදුසු බව සුනිල් පෙරේරා මහතා යෝජනා කළ අතර වික්‍රමසිංහ මහතා විසින් ස්ථිර කරන ලදී.

සුභ සාධක සංගමය රු: 100/- ක් හා මරණාධාර සමිතියට රු:100/- ක් තවදුරටත් අයකිරීමට තීරණය කරන ලදී.

මෙදිනට අප සමිතියේ බැංකු ගිණුමෙහි තැන්පත් මුදල පහත පරිදි වන බව හිටපු භාණ්ඩාගාරික සිසිර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

සුභ සාධක ගිණූම 10/31 දිනට              =          රු: 50,7006.25
මරණාධාර ගිණුම                                 =          රු: 10,4006.30

තවද බැංකු පොත්වලට අමතරව පොත්පත් කිසිවක් භාණ්ඩාගාරික තුමා විසින් භාරදී නොමැති බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ දක්වා සංගමයේ කටයුතු කරගෙන යාම සඳහා සිසිර ප්‍රේමතිලක මහතා දැක්වූ සහයෝගයට නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර(පාලන) විසින් විශේෂ ස්තුතියක් පිරිනැමූ අතර, සංගමයේ නිලධාරි මණ්ඩලය මෙන්ම සෑම සාමාජික මහත්ම මහත්මියකගේම සහයෝගය මත කටයුතු කිරීමෙන් යෝජනා කරන ලද ක්‍රියාවන්ගේ සාර්ථක අවසානයක් දැක සියලු දෙනාට සතුටුවිය හැකි බව ද එතුමන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මීට අමතරව සෑම මසකම දෙවෙනි සතියේ බ්‍රහස්පතින්දා දින පෙ.ව. 10.00 ට කාරක සභාව පැවැත්වීමටත්, මාස තුනකට වතාවක් මහා සභාව රැස්කිරීමත් සුදුසු බව සාකච්ඡා විය.

එමෙන්ම අද දින රුස්වීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දුන් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර(පාලන) ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් ගරු සභාපති තුමන්ගේ කතාවේ අවසානයත් සමඟ සභා තොමෝ සතුටින් විසිර ගියහ.

මහවැලි අන්‍යෝන්‍යාධාර සහ සුභ සාධක සංගමයේ ව්‍යවස්ථාව.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තඹුත්තේගම ව්‍යාපෘති කාර්යාලයේ
මහවැලි අන්‍යෝන්‍යාධාර සහ සුභ සාධක සංගමයේ ව්‍යවස්ථාව.

1.      සමිතියේ අනන්‍යතාවය :-
Ø  සමිතියේ නම      :-     මහවැලි අන්‍යෝන්‍යාධාර සහ සුභ සාධක සමිතිය
Ø  සමිතියේ ලිපිනය :-     "එච්" කලාපය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - තඹූත්තේගම.   
2.  පරමාර්ථ සහ අරමුණු :-
Ø  මහවැලි එච් කලාපයේ සේවකයින් ඒකරාශී කර ඔවුන්ගේ සුභ සාධක කටයුතු වලට සහය වීම සහ මරණාධාර පාරිතෝෂිකයක් ලබාදීම.
3. සාමජිකත්වය :-
Ø  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කලාපයේ, තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය, ගංඟාද්‍රෝනි කළමනාකාර කාර්යාලය, එච් කලාපයේ සියළුම සිථිර සහ අනියම් නිලධාරින් / සේවකයින් හට මෙම සමිතියේ සාමාජිකත්වය ලැබීමට හිමිකම් ඇත.

Ø  අළුතින් සාමාජිකයින් බඳවා ගැනීම: ඉල්ලීම් පතක් මඟින් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පසු මහ සභාවේ අනුමැතියට යටත්ව සාමාජිකයින් බඳවා ගැනේ. ඇතුල්වීමේ ගාස්තුව වශයෙන් රු: 100/-ක මුදලක් අය කෙරේ.

Ø  සාමාජිකත්වය පවත්වාගෙන යාම :-

§    නොකඩවා සාමාජික මුදල සහ මරණධාර පාරිතෝෂික මුදල ගෙවීම.( සුභ සාධක
      මුදල සඳහා රු: 100/- හා මරණධාර පාරිතෝෂිකය වශයෙන් රු:100/- මුදලක් අය
      කෙරේ.)
§  නොකඩවා මහ සභා රැස්වීම් වලට සහභාගී වීම.
§  මහ සභා රැස්වීම්වලට සහභාගී නොවන සාමාජිකයෙකුගෙන් එක් සමිති වාරයකට රු:50/-ක දඩ මුදලක් අයකළ යුතු වේ.

Ø  සාමාජිකත්වය අහිමි වීම
§  සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම - සමිතියේ ගරු සභාපති වෙත ලිපියක් ඉදිරිපත් කිරීම මඟින් මෙය දැනුම් දිය හැකිය.
§  සාධාරණ හේතු නොදන්වා අඛණ්ඩ සමිතිවාර තුනකට(3) සහභාගී නොවී සිටීම හෝ අඛණ්ඩව මාස 03ක සාමාජික මුදල් නොගෙවා සිටීම නිසා මහ සභාවේ තීරණ පරිදි අහෝසි වීම.
§  සාමාජිකයෙක් කලාපයෙන් බැහැර ස්ථාන මාරුවක් ලැබ මාස 03ක් (දින 90) ගිය පසු සාමාජිකත්වය අහිමි වේ. එහෙත් සාමාජික වරප්‍රසාද හිමි වේ.

§  නැවත සාමාජිකත්වය පිරිනැමීම - ඉහත කරුණු අනුව සාමාජිකත්වය අහිමි වීමෙන් පසුව නැවත යම් සාමාජිකයෙකුට සමිතියට සම්බන්ධ වීමට අවශ්‍යයැයි හැඟෙන්නේ නම් එය ලිඛිතව ඉදිරිපත් කිරීමෙන් පසු විධායක කමිටුවේ නිර්දේශය මත නැවත සාමාජිකත්වය පිරිනැමේ.එහිදී හිඟ සාමාජික මුදල් සියල්ල ගෙවිය යුතුවේ.

4. අන්‍යෝන්‍යාධාර කටයුතු :-
Ø  අන්‍යෝන්‍යාධාර සඳහා හිමිකම් ලැබීම. අළුතින් සමිතියට බැඳුනු සාමාජිකයෙකුට හිමිකම් ලැබෙන්නේ බැඳුනු දිනයේ සිට මාස 03ක් (දින 90ක්) කල් ගතවීමෙන් පසුවය.

Ø  අන්‍යෝන්‍යාධාර ගෙවීම් :-
සාමාජික/සාමාජිකාවන්ගේ යැපෙන්නෙකුගේ මරණයකදී රු: 20000/-ක මුදලක් පරිත්‍යාග කෙරෙනු ඇත. මේ සඳහා සාමාජික/සාමාජිකාවන්ගේ ඥාතීත්වය තහවුරු කළ යුතු වේ. මෙම පරිත්‍යාගය අවසන් කටයුතු සිදුකිරීමට ප්‍රථම ගෙවිය යුතුය.

Ø  අන්‍යෝන්‍යාධාර ලැබීමට හිමිකම් :-

§  සාමාජික/සාමාජිකාවන්ගේ කලත්‍රයා, මව, පියා, අවිවාහක දරුවන් සහ කලත්‍රයාගේ මව, පියා (මාමා සහ නැන්දා)
§  අවිවාහක සාමාජික/සාමාජිකාවන්ගේ නම් මව,පියා,අවිවාහක සහෝදර, සහෝදරියන්.
§  අන්‍යෝන්‍යාධාර හිමිකම් ඇති මරණයක් සිදු වූ විට අදාල සාමාජිකයා විසින් සංගමයේ ගරු සභාපතිට, ලිඛිත දැන්වීමක් කළ පසු එය සියළු සාමාජිකයින්ගේ දැනුවත්වීම සඳහා දැන්වීම් පුවරුවෙහි දැන්වීමක් පලකළ යුතුය.
Ø  මරණයක් සිදුවූ විට සංගමයේ ශෝකය පලකිරීමේ බැනරය එම මරණය තැන්පත් කර ඇති ස්ථානයේ ප්‍රදර්ශනය කළයුතුය.

Ø  සාමාජික/සාමාජිකාව මියගිය අවස්ථාවක මරණාධාර සඳහා සෑම සාමාජිකයෙකුගෙන්ම දිනක වැටුප පරිත්‍යාග කළයුතුය.

Ø  අවමඟුල් කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් :-

§  සාමාජිකයාට මරණ පාරිතෝෂිකය ලැබෙන මරණයක් සඳහා එම පවුලේ අයට යාම සඳහා වාහනයක් ආයතනයෙන් ලබාදීම.

§  අවමඟුලකට සහභාගී වීම: අවමඟුලකට සහභාගී වන්නන් සඳහා ඉන්ධන සහ රියදුරු දීමනාව ගෙවීමේ පදනම මත ආයතනය මඟින් වාහනයක් ලබා දීම. මෙම ඉන්ධන හා රියදුරු දීමනාවට වැයවන මුදල සියළු සාමාජිකයින්ගේ (අවමඟුලට සහභාගී නොවන අයද ඇතුළුව) වැටුපෙන් අයකර ගනු ඇත. මෙය අවමංගල අවසන් දිනට යොදාගත යුතුයි.


§  සාමාජික සාමාජිකාවන්ගේ අභාවයකදී ඉහත සේවාවන්ට අමතරව ඉන්ධන සපයාගැනීමේ පදනම මත පවුලේ අයගේ ඉල්ලීම පරිදි අවශ්‍ය වන්නේ නම් නේවාසික ව්‍යාපාර කළමනාකාරගේ අනුමැතිය පරිදි වහනයක් ලබාදිය යුතුය.( නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමන් තීරණය කළ යුතුය)

5. සුභසාධක කටයුතු :-
Ø  වර්ෂයකට වරක් සාමාජිකයින්ගේ ඒකකාරි ජීවන රටාවට විවිධත්වයක් ලබාදීම වස් අධ්‍යාපන හා විනෝද චාරිකා සැපසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

Ø  මීට අමතරව සාමාජිකයින්ගේ සුභසාධනය පිණිස අවශ්‍යයි මහ සභාව තීරණය කරන, අනිකුත් කටයුතු සංවිධානය කිරීම.

6. සංගමයේ අරමුදල් :-
Ø  සංගමය සඳහා ලැබෙන පරිත්‍යාග
Ø  සුභ සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් එච් කලාපය සඳහා වෙන් කර ඇති මුදලින් සංගමයේ සාමාජික සංඛ්‍යාව අනුව ලැබිය යුතු ප්‍රතිපාදන
Ø  නව සාමාජිකයෙකු බඳවා ගැනීමේදී ඇතුලත් වීමේ ගාස්තුව ලෙස අය කරගන්නා රු: 100/-ක මුදල.
Ø  සාමාජික සාමාජිකාවන්ගේ සුභ සාධක අරමුදල සඳහා මාසික වැටුපෙන් අයකරගන්නා රු: 100/-ක මුදල සහ මරණාධාර කටයුතු සඳහා මසකට අයකරගන්නා රු: 100/-ක මුදල.
Ø  මහ සභා රැස්වීම්වලට නොපැමිණෙන සාමාජිකයින්ගේ අයකරනු ලබන රැ: 100/- දඩ මුදල.
Ø  සංගමයේ මහ සභාවේ අනුමැතිය පරිදි සංගමයේ මූල්‍ය තත්ත්වය වර්ජනය කරගැනීම සඳහා සිදුකරනු ලබන විවිධ ක්‍රියාකාරකම් මඟින් ලැබෙන මුදල් (විවිධ ප්‍රසංදර්ශන, ලොතරැයි වැඩසටහන් ආදිය)
Ø  ගිණූමේ මුදල් අවසන් වූ අවස්ථාවලදී මරණාධාර පාරිතෝෂික ගෙවීම සඳහා එය භාණ්ඩාගාරිකතුමාට දැනුම් දී වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

7. සමිතිය සතු මුදල් පරිහරණය
Ø  සංගමයට ලැබෙන මුදල් තැන්පත් කිරීම සඳහා සංගමය නමින් තඹුත්තේගම ලංකා බැංකුවේ ගිණුම් අංක 621 - 7 දරණ ගිණුම සහ අංක 1 - 12501 යනුවෙන් විවෘත කර ඇති ගිණුම් වල සමිතියේ මුදල් තැන්පත් කල යුතුය.වෙනත් කිසිම ගිණුමක සමිතියේ මුදල් තැන්පත් නොකළ යුතුය.මේ සඳහා ගණකාධිකාරි විසින් අවශ්‍ය උපදෙස් සපයනු ඇත.

Ø  හදිසි අවස්ථාවකදී වියදම් කිරීම සඳහා සංගමයේ මුදලින් රු :1000/-ක සුළු මුදල් අග්‍රිමයක් භාණ්ඩාගාරිකතුමා ලඟ තබාගැනීමට අවසර ලැබෙනු ඇත.

Ø  සමිතියේ මුදල් සෑම අවස්ථාවකම භාණ්ඩාගාරික මහතා විසින් පමණක් වියදම් කළයුතු අතර ඒ සඳහා විධායක සභාවේ අනුමැතිය ලබාගත යුතුය.

Ø  බැංකුවෙන් මුදල් ආපසු ගැනීම.
§  බැංකුවේ තැනැපත් කරන මුදල් වලින් සංගමයේ අවශ්‍යතාවයන්ට මුදල් ලබාගන්නා සෑම අවස්ථාවකදී විධායක කාරක සභාවේ තීරණය මත භාණ්ඩාගාරික හා සභාපති හෝ ලේකම් ගේ අත්සනින් කළයුතු වේ.
§  භාණ්ඩාගාරික නොමැති අවස්ථාවකදී සභාපති හෝ ලේකම් සහ ව්‍යාපෘති ගණකාධිකාරිගේ අත්සනින් මුදල් ලබාගැනීම කළයුතු වේ.

Ø  මූල්‍ය වාර්තා
§  අන්‍යෝන්‍යාධාර සුභ සාධක සමිතියේ ගිණුම්වල තැන්පත් කරන ලද මුදල් පිළිබඳ විස්තර ව්‍යාපෘති ගණකාධිකාරිවරයා විසින් සංගමයේ භාණ්ඩාගාරික වෙත දැන්වීමට කටයුතු කල යුතුය.

§  මරණාධාර සහ සුභ සාධක කටයුතු සඳහා වියදම් කිරීමට ලබාගන්නා පද මුදල් වැය කල ආකාරය පිලිබඳ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය.

§  සෑම වර්ෂයකටමවරක් භාණ්ඩාගාරික මහතා විසින් සංගමයේ අයවැය වාර්තාවක් මහ සභාවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතුය.

Ø  මුදල් වියදම් කිරීමේ අනුමැතිය
§  මරණ පාරිතෝෂිකයට හැර සාමාජික මුදලින් 20000/- උපරිමයට යටත්ව කෙරෙන වියදම් සඳහා කාරක කමිටුවේ 2/3 අනුමැතිය ලබාගත යුතුය.

§  සාමාජික මුදලින් රු: 7500/- වැඩි මුදලක් වැය කිරීමේ දී ඒ සඳහා සාමාජික සංඛ්‍යාවෙන් 50% වැඩි කොටසකගේ කැමැත්ත ලබාගත යුතුය.

නිලධාරි මණ්ඩලය
නිලධාරි මණ්ඩලයෙන් නිල කාලය වර්ෂයකි. වසර අවසානයේ සති දෙක ඇතුලත මහ සභා රැස්වීම පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගත යුතුය.

නිලධාරි මණ්ඩලය පහත සඳහන් පරිදි වේ.
I.        ප්‍රධාන අනුශාසක             :-     නේවාසික ව්‍යාපාර කළමනාකාර(නිල බලයෙන්)
II.      සම අනුශාසක මණ්ඩලය:-      නි.නේ. ව්‍යාපාර කළමනාකාර(පාලන) - නිල බලයෙන්
III.    ගණන් පරික්ෂක              :-     ව්‍යාපෘති ගණකාධිකාරි නිළ බලයෙන් පත් වේ.

                                            සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති,
                                          උප ලේකම්, පුස්තකාල ලේකම්.

ඉහත තනතුරු සඳහා පත්වන අය අනිවාර්යෙන්ම ස්ථිර සේවකයින් විය යුතුයි.

මීට අමතරව සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කාරක සභාවට එක් අයෙක් බැගින් පත්කර ගතයුතු වන අතර, සෑම කොට්ඨාසයකම කොට්ඨාස කලමනාකාරතුමා සාමාජිකත්වය ලබා අවසන්වී කොට්ඨාසයෙන් කාරක සභාව නියෝජනය කළයුතු වේ.